27 April 2024
#සංවර්ධන

නාගරික සංවර්ධන අධිකාරියේ නව සංවර්ධන සැලසුම් හා රෙගුලාසි ගැන පළාත් පාලන ආයතනවල නිළධාරීන් දැනුවත් කෙරේ

නාගරික සංවර්ධන අධිකාරියේ නව සංවර්ධන සැලසුම් හා රෙගුලාසි පිළිබදව පළාත් පාලන ආයතනවල නිළධාරීන් දැනුවත් කිරීම අරඹා තිබේ. එය පළාත් පාලන ආයතන 341 ම දැනුවත් කිරීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මෙහි පළමු වැඩමුළුව හොරණ, කුඹුක ‘ප්‍රශාන්ති’ උත්සව ශාලාවේදී අද (20) දින පැවැත්විණි.

හොරණ නගර සභාව, හොරණ ප්‍රාදේශීය සභාව, බුලත්සිංහල ප්‍රාදේශීය සභාව සහ මදුරාවල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන හතරෙහි ලේකම්වරුන්, වැඩ අධිකාරීවරුන්, තාක්ෂණ නිළධාරීන් වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධානය කෙරිණ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *