වන අලි ගම්වැදීම අවම කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
වනාන්තර තුළ අලින් ප්‍රිය කරන බෝග වගා සහිත සුපෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, විනාශයට පත් වැව් කඩිනමින් පිළිසකර කිරීමටත් අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. ඉදිරි යළ කන්නයේ වී වගාව ඇතුළු සමස්ත බෝග වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා මේ වන විටත් නිසි සැලසුම් සකස් කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.














