• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කර්මාන්තකරුවන්ගේ සහන පැකේජය කඩිනම් කිරීමට ඇමති විමල්ගෙන් පියවර රැසක්

11 May 2020
in ව්‍යාපාර

කර්මාන්තකරුවන්ට අවශ්‍ය වන ණය පහසුකම් හා ඔවුන්ගේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට සහාය දැක්වීය යුතු බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

ඒ අනුව කොවිඩ් – 19 ව්‍යාප්තියත් සමග දේශීය කර්මාන්ත ශක්තිමත්ව පවත්වාගෙන යාම පිණිස රජය මගින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා කාරක ප්‍රාග්ධනය ලෙස 4% ක පොලියට ලබා දෙන ණය මුදල සේවක වැටුප් හා ජල – විදුලි බිල්පත් ගෙවීමට පමණක් නොව කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ද වියදම් කළ හැකි ලෙසට ලබා දෙන ලෙසත් එම ණය මුදල කර්මාන්තකරුවන්ට ඉතා කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙසත් තමා මහ බැංකුව හා රාජ්‍ය – පෞද්ගලික වාණිජ බැංකු නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී කළ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර ලැබුණු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී තමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති කර්මාන්ත ශාලා රැක ගැනීමේ සංසදය සහ මහ බැංකුව ඇතුළු මෙරට රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකු නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

මෙහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ කර්මාන්ත ශාලා රැකගැනීමේ සංසදයේ විධායක සභික කපිල එස්. වික්‍රමසිංහ මහතා පැවසුවේ කර්මාන්තකරුවන් මේ අවස්ථාවේ දී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මීට ඉහත දී කර්මාන්ත අමාත්‍යවරයා දැනුම්වත් කළ බවත් ඒ අනුව තමන් ද කැඳවා කඩිනමින් මෙවැනි ඵලදායී සාකච්ඡාවක් මහ බැංකුව ඇතුළු මෙරට වාණිජ බැංකුවල සහභාගීත්වයෙන් පැවැත්වීම අගය කරන බවත් ය.

ඉහත සාකච්ඡාවට අනුව සේවක වැටුප්, සහ ජල – විදුලි බිල්පත් ගෙවීමට අමතරව 4% පොලිය සහිත කාරක ප්‍රාග්ධන ණය මුදල අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ද යොදවා ගැනීමට අවස්ථාව හිමිවීම ඉතා වැදගත් බවත් එය තම කර්මාන්ත බිඳ නොවැටී පවත්වා ගැනීමට ඉමහත් රුකුලක් බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය. එසේම ඉහත ණය මුදල දින 45ක සීමාව නොතකා කඩිනමින් ලබාදීමට බැංකු එකඟ වීම මේ මොහොතේ තම සංසදයේ සාමාජිකත්වය දරන කර්මාන්තකරුවන් 900ට අධික පිරිස ඇතුළු සමස්තයට ඉතා වැදගත් බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත්, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි, මහ බැංකුව ඇතුළු රාජ්‍ය හා වාණිජ බැංකු නියෝජිතයෝ ද කර්මාන්තශාලා රැකගැනීම සංසදයේ විධායක සභාව නියෝජනය කරමින් සම්පත් මහකඩුව, විමල් දිසානායක ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

 

Post Views: 9
Previous Post

නුසුදුසු බීලුණු තොගයක් සමඟ සිව්දෙනෙකු මාතලේදී අත්අඩංගුවට

Next Post

ඉදිරි අවදානම් හඳුනාගෙන පසු නොබැස වැඩ කරන්න – ජනපති

editor

editor

Next Post

ඉදිරි අවදානම් හඳුනාගෙන පසු නොබැස වැඩ කරන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved