• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශීය බඩඉරිඟු ගොවියා දැඩිව ආරක්ෂා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

20 September 2018
in සංවර්ධන

දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග රජය වශයෙන් ගැනීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වාර්ෂිකව මෙරටට ආනයනය කරනු ලබන බඩඉරිඟු නිසා දේශීය ගොවියා අකර්මන්‍ය වීම වැළැක්වීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (20) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති අවස්ථාවේදිය.

ඇතැම් ව්‍යාපාරිකයින් විසින් දේශීය ගොවියා අස්වැන්න නෙලා ගන්නා අවස්ථාවේදී විදේශ රටවලින් බඩඉරිඟු මෙරටට ආනයනය කරන නිසා තම නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව අපේ රටේ ගොවීන් බඩඉරිඟු වගාවෙන් ඉවත්වීම සිදු වේ.
මෙම තත්ත්වය වළක්වාලීම සඳහා බඩඉරිඟු නිෂ්පාදන මිලදී ගන්නා ආයතන, වාණිජ බැංකු, ආහාර සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඇතුළු ආයතනවල නිළධාරින් සමඟ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

2018 වර්ෂය තුළ සමස්ත බඩඉරිඟු අවශ්‍යතාවය මෙ.ටො 3,10,012කි. මීට අමතරව සත්ව ආහාර වශයෙන් තවත් බඩඉරිඟු විශාල තොගයක් ආනයනය කිරීමට කටයුතු යොදා තිබුණත්, අමාත්‍යවරයා කියා සිටියේ දේශීය බඩඉරිඟු ගොවියාගේ නිෂ්පාදන මිලදී නොගන්නා කිසිදු ආයතනයකට මින් පසු බඩඉරිඟු ආනයනය සඳහා අවසර නොදෙන බවයි.

රජයේ ප්‍රතිපත්තිය දේශීය ගොවියා ශක්තිමත් කිරීම හා ආරක්ෂා කිරීමයි. එම නිසා බඩඉරිඟු වගාව සඳහා ගොවීන්ට බඩඉරිඟු වගාවට ණය ලබා දීමට කටයුතු කරන ලෙස මහජන බැංකුව, ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඇතුළු බැංකුවලින් ඉල්ලීමක් කළේය.

එමෙන්ම බඩඉරිඟුවලට අමතරව මුං, කව්පි, සෝයා, මිරිස්,ලූනු වැනි බෝග වර්ග වගා කිරීම සුලබ කිරීම සඳහා ගොවීන් දිරි ගැන්වීමට ඔවුන්ට ණය පහසුකම් සලසා දෙන ලෙස ද අමාත්‍යවරයා බැංකුවලට දැනුම් දුන්නේය.

මීට අමතරව බඩඉරිඟු වගාව සහ දේශීය වශයෙන් බඩඉරිඟු අවශ්‍යතාවය සම්පූර්ණ නොවන අවස්ථාවන්හිදී ආනයනය කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව කරුණු සොයා බැලීමට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරිණි.ඔවුන් විසින් සති දෙකක් තුළ මීට අදාළ වාර්තාව ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා දන්වා සිටියේ ය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් බී.විජයරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Post Views: 11
Previous Post

චීනය අතර නව ව්‍යාපාර අවස්ථා පුළුල් කෙරේ – හයිරෝන්ං සමුහයේ සභාපති පාන් ලියෝංග්

Next Post

ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරය 16 කට්ටියට අහිමි වෙයි 

editor

editor

Next Post

ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරය 16 කට්ටියට අහිමි වෙයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved