• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශිෂ්‍යත්ව සමතුන් 20,250කට මෙවර ශිෂ්‍යාධාර – අධ්‍යාපන අමාත්‍යංශය

16 November 2020
in දේශීය

පහ ශ්‍රේණිය සඳහා පැවැත් වු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) නිකුත් කරන ලද අතර, මෙවර ශිෂ්‍යත්ව සමතුන් 20,250ක් ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් ලබා සිටී. විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250ක් මීට ඇතුළත් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙවර සිසුන් 331,741ක් අයදුම් කර තිබූ අතර, ඉන් සිසුන් 326,264 දෙනෙක් විභාගය සඳහා පෙනී සිටියහ. විභාග මධ්‍යස්ථාන 2936ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496ක් යොදාගනිමින් මෙවර විභාගය පවත්වන ලද අතර, කොවිඩ් දෙවන රැල්ල හමුවේ නිරෝධායන ඇඳිරිනීති මධ්‍යයේ ඇතැම් ප්‍රදේශවල විභාගය පැවැත්වීමට ද සිදුවිය. විභාගය පැවැත්වෙන අවස්ථාව වනවිට නිරෝධායනය වෙමින් සිටි සිසුදරුවන් තිදෙනෙක්, කොවිඩ් ආසාදිත ව සිටි සිසුන් දෙදෙනෙක් සහ අපේක්ෂා රෝහලේ සිට සිසුන් තිදෙදෙනෙක්, විභාගය සඳහා පෙනී සිටියහ.

කොවිඩ් පිළිබඳ කාර්ය සාධන බළකාය, සෞඛ්‍ය අංශ, පොලිස් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආරක්ෂක අංශ, සියලු ම ප්‍රවාහන අංශ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඇතුළු බොහෝ ආයතන වෙතින් අධ්‍යාපන අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට මෙවර විභාගය පැවැත්වීමට සහ අදාළ ඇගයීම් කටයුතු පවත්වාගෙන යාමට පූර්ණ සහාය ලැබිණි.

ඒ අනුව, ඇගයීම් මණ්ඩල 390ක් තුළ පරීක්ෂකවරුන් 4680ක් සම්බන්ධකරගනිමින් දින 08ක කාලයක් ඇතුළත මෙම විභාගයේ ඇගයීම් කටයුතු සිදුකරන ලදී. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ 100%ක් ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු සිටී. සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් වෙත විභාග දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කරමින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හරහා හෝ සෘජුවම www.results.exams.gov.lk වෙබ් සබැඳිය වෙත පිවිස ප්‍රතිඵල ලේඛන බාගත කරගැනීමට හා මුද්‍රණය කරගැනීමට ද අවස්ථාව සලසා ඇත.

රට තුළ පැවති වාතාවරණය හමුවේ සියලු අභියෝගවලට නොසැලී මුහුණ දෙමින් විභාගයට පෙනී සිටි සියලු දූපුතුන්ටත්, විභාගය පැවැත්වීමට සහාය වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලු පාර්ශවයන්ටත්, ජනතාව දැනුවත් කිරීම් වෙනුවෙන් පූර්ණ සහාය පළ කළ සියලු මාධ්‍ය ආයතනවලටත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය කෘතවේදී ස්තුතිය පළ කරයි.

 

Post Views: 21
Previous Post

විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් හට අනතුරු හැඟවීමක්

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 14,170 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 14,170 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved