පාසල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන “පාසල් සඳහා ක්‍රීඩා උපකරණ ලබාදීමේ ජාතික වැඩසටහන” යටතේ මීගමුව ආසනයේ පාසල් හතරකට ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරිණි.
මෙම වැඩසටහන යටතේ කටාන සාන්ත ජෝසප් කනිෂ්ඨ විද්‍යාලය, කොච්චිකඩේ ක්‍රිස්තු රාජ මහා විද්‍යාලය සහ මීගමුව විද්‍යාලංකාර මහා විද්‍යාලය යන පාසල් සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ මෙලෙස ප්‍රදානය කර ඇත. පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම සහ ඔවුන් ක්‍රීඩාවට උනන්දු කිරීම මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
අධ්‍යාපනයට සමාන්තරව පාසල් මට්ටමින් ක්‍රීඩාව නංවාලීමෙන් රටට අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයින් බිහි කිරීමට හැකි වනු ඇති බව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බලධාරීන් පෙන්වා දෙයි. ඉදිරියේදී දිවයින පුරා පිහිටි තවත් පාසල් රැසකට මෙම වැඩසටහන හරහා සහය ලබා දීමට අපේක්ෂා කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














