• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නායකයින් තීන්දු ගන්නකොට සුළුපිරිස් බාධා කරනවා – රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

9 February 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

69 ලක්ෂයක් ජනතාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබා දෙමින් තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ලබා දුන්නේ රටේ ආර්ථිකය ගොඩනගමින් සමෘද්ධිමත් රාජ්‍යයක් හා සුරක්ෂිත රටක් බිහි කිරීමට බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටිනුයේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ “ සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමට නම් රටේ ආදායම් තත්ත්වය වර්ධනය කර ගත යුතුයි. අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයන් වී ඇත්තේ සංචාරක, විදෙස් ශ්‍රමිකයින් විසින් එවන ප්‍රේෂණ, අපනයන, වක්‍ර බදු ඉපැයීම්ය. අනෙක් අවස්ථාව නම් මිත්‍රශීලි රටවල් හෝ වෙනත් පෞද්ගලික පාර්ශවයන් සමග ඇතිකරගනු ලබන ආයෝජන අවස්ථාවන්ය. ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට රටේ ජනතාව කිසි විටෙක විරෝධය දක්වා නොමැත.

කොවිඩ් 19 හේතුවෙන් ලෝකයේ සියලුම රටවල් ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබේ. සුබසාධන රාජ්‍යයක් වශයෙන් නිදහස් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, අධ්‍යාපන, පොහොර සහනාධාරය, සමෘද්ධිය වැනි සුබසාධන කටයුතු සදහා විශාල මුදලක් වැය කරන අතරම රටේ සංවර්ධන කටයුතු හා ග්‍රාමීය ආර්ථිකය නංවාලීමේ කටයුතු ද සිදු කරමින් පවතී. ඒ සදහා අවශ්‍ය අරමුදල් සපයා ගත යුතුය. ආදායම් ඉපයීමේ ඉහත සදහන් සියලු අවස්ථාවන් අද වනවිට සීමා වී තිබේ.

රටේ ජනතාවගේ හා අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ රටේ සම්පත් විකිණීම හෝ බදු දීම නොවේ. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමා විකිණීම හෝ බදු දීම සිදු නොකරන බවත් රාජ්‍ය තාන්ත්‍රිකව ඇතිකරගනු ලබන ආයෝජන අවස්ථාවක් ගැන සළකා බලන බව පැවසීය. එවන් පසුබිමක් තුළ රාජ්‍ය නායකයින් සමග සාකච්ජා කොට තීන්දු තීරණ ගනු වෙනුවට සුළු පිරිසක් විසින් සිය පෞද්ගලික ජනමතය ගොඩනගා ගැනීම සදහා රට තුළ වැරදි මතයක් ගොඩ නගනු ලැබීය.

අද අපේ රට මුහුණ දී තිබෙන යාථාර්ථය තේරුම් ගත යුතුයි. අපිට පවතින ආදයම් මාර්ග අහිමි වීම තුළ රුපියල අව ප්‍රමාණ වී ඩොලරය ඉහළ යමින් තිබේ. මේ හේතුවෙන් ගෙවිය යුතු ණය වාරික හා ණය පොලී අගය ඉහළ ගොස් තිබේ. ඒක පුද්ගල ණය ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වයෙන් රට මුදවා ගැනීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙනු ඇත. මෙම තත්වයෙන් රට මුදවා ගන්නේ කෙසේද යන්න පිළිබදව විවේචනය කරන සුළු පිරිසට කිසිදු අවබෝධයක් නොමැති අතර වැඩපිළිවෙලක්ද නොමැත. ඔවුනට අවශ්‍යව ඇත්තේ බොරු දේශප්‍රේමීත්වය හා බොරු ප්‍රචාර තුළින් සිය පැවැත්ම පවත්වා ගැනීම මිස, මිලියන 22 ක් වූ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටතු කිරීම නොවේ.

නිදහස ලබා අවුරුදු 73 ක කාලයක් ගත වී තිබේ. එම කාලය තුළ රට පාලනය කළ සියලු නායකයින් නිසි තීන්දු තීරණ ගෙන රට පාලනය කිරිමේදී මෙවැනි සුලු පිරිස් විවිධ බාධා කිරීම් කරනු ලැබීය. එහි භයානක ප්‍රතිඑලයන්ට අපට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇත.

අපට සංවෘත රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක විය නොහැකිය. අපි රාජ්‍ය තාන්ත්‍රික සබදතා පවත්වාගත යුතුයි. රාජ්‍ය තාන්ත්‍රික සබදතා පවත්වා ගත යුතු ක්‍රමවේදයක් තිබේ. රාජ්‍ය තාන්ත්‍රික සබදතා යනු රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍යවූවකි. රටවල් අතර ගනුදෙනු සිදු වේ. ගනු පමණක් සිදුකළ නොහැකිය. ජපානය, චීනය,ඉන්දියාව හෝ වෙනත් ඕනෑම රටක් සමග අපි ආයෝජනවලට එළබෙන්නේ රටේ පවතින නීතී රීතී වලට අනුවය.

යහපාලන කාලයේ ජාතික ආරක්ෂාව පිරිහී තිබුණි. වත්මන් ජනාධිපතිතුමා පත්වීමෙන් පසු ජාතික ආරක්ෂාව තහවුරු කරනු ලැබීය. දැන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවස්ථාව උදා වී ඇත. එම නිසා රටට අහිතකර නොවන පරිදි මිත්‍රශීලී රටවල් සමග ආයෝජන අවස්ථාවන් ඇති කර ගැනීමට අපි සහය දිය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Post Views: 3
Previous Post

බහින් බස්වීමක් දුරදිග යාමෙන් අයෙකු මරුට

Next Post

විශ්ව විද්‍යාල ප්‍රවේශලාභී සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් පරිගණක

editor

editor

Next Post

විශ්ව විද්‍යාල ප්‍රවේශලාභී සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් පරිගණක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට මුහුණ දෙන සමාජ-ආර්ථික  අභියෝග ගැන සාකච්ඡා කිරීමට සාධාරණය සඳහා වූ යුක්තිය සංවිධානය ජනාධිපතිවරයාගෙන්  හමුවක් ඉල්ලයි

මෙරට මුහුණ දෙන සමාජ-ආර්ථික අභියෝග ගැන සාකච්ඡා කිරීමට සාධාරණය සඳහා වූ යුක්තිය සංවිධානය ජනාධිපතිවරයාගෙන් හමුවක් ඉල්ලයි

10 April 2026
ඇමෙරිකානු බලපෑම් හමුවේ  තමා කිසිසේත් ඉල්ලා අස් නොවන බව  කියුබානු ජනාධිපති පවසයි

ඇමෙරිකානු බලපෑම් හමුවේ තමා කිසිසේත් ඉල්ලා අස් නොවන බව කියුබානු ජනාධිපති පවසයි

10 April 2026
විජයිගේ Jana Nayagan සම්පූර්ණ චිත්‍රපටය  අන්තර්ජාලයට මුදා හැරෙයි තමිල්නාඩු මැතිවරණය අභියස  රසිකයින්ගෙන් දැඩි විරෝධයක්

විජයිගේ Jana Nayagan සම්පූර්ණ චිත්‍රපටය අන්තර්ජාලයට මුදා හැරෙයි තමිල්නාඩු මැතිවරණය අභියස රසිකයින්ගෙන් දැඩි විරෝධයක්

10 April 2026
හිටපු ඇපල් ඉංජිනේරුවන්  හඳුන්වා දුන් Button AI පැළඳුම් උපාංගය  iPod Shuffle එකකට සමාන වෙයි

හිටපු ඇපල් ඉංජිනේරුවන් හඳුන්වා දුන් Button AI පැළඳුම් උපාංගය iPod Shuffle එකකට සමාන වෙයි

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවසීලන්තයේ ඉදි කිරීමට යන  Comfort Women පිළිරුව නිසා  ජපානය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා  බිඳ වැටීමේ අවදානමක්

නවසීලන්තයේ ඉදි කිරීමට යන Comfort Women පිළිරුව නිසා ජපානය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳ වැටීමේ අවදානමක්

10 April 2026
මෙරට මුහුණ දෙන සමාජ-ආර්ථික  අභියෝග ගැන සාකච්ඡා කිරීමට සාධාරණය සඳහා වූ යුක්තිය සංවිධානය ජනාධිපතිවරයාගෙන්  හමුවක් ඉල්ලයි

මෙරට මුහුණ දෙන සමාජ-ආර්ථික අභියෝග ගැන සාකච්ඡා කිරීමට සාධාරණය සඳහා වූ යුක්තිය සංවිධානය ජනාධිපතිවරයාගෙන් හමුවක් ඉල්ලයි

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved