උතුරු කොරියාවේ 78 වැනි සංවත්සරයට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එවු සුබ පැතුම් පණිවිඩයට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, රටවල් දෙක අතර මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය සහයෝගීතාව මත පදනම්ව පුළුල් ලෙස සහයෝගීතාව වර්ධනය කර ගැනීමට සිය රජය කැපවී සිටින බව ප්‍රකාශ කළේය.
රුසියාවේ ආරක්ෂක අවශ්‍යතා සහ ජාත්‍යන්තර යුක්තිය ආරක්ෂා කිරීම සඳහා වන “පූජනීය යුද්ධයෙන්” රුසියාව ජයග්‍රහණය කරන බවට තමන් දැඩි විශ්වාසයෙන් පසුවන බවත්, රුසියානු ජනතාවට සහ පුටින් වෙත තම නොපසුබස්නා සහයෝගය ලබා දෙන බවත් උතුරු කොරියානු නායකයා වැඩිදුරටත් අවධාරණය කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














