යුදමය හෝ වෙනත් හේතූන් මත අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල් වෙත ලබාදෙන වන්දි මුදල් සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදය සංශෝධනය කර, වඩාත් ඉහළ මට්ටමේ සහ නිල වන්දි මුදලක් ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය පියවර ගෙන තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසන පරිදි, දැනට පවතින වන්දි මුදල වන රුපියල් ලක්ෂ දෙකට වඩා වැඩි මුදලක් ලබාදීම මෙම නව ක්‍රමවේදයේ අරමුණයි. මෙම කටයුතු වඩාත් විධිමත්ව සහ සාධාරණව සිදු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම පියවර මගින් අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙතෙක් පැවති වන්දි ක්‍රමවේදයට වඩා සහනදායී හා යහපත් නිල වන්දි ලබා දීම අපේක්ෂා කෙරේ.
















