අධිවේගී මාර්ගවල ගමන් කරනු ලබන සියලුම මෝටර් රථවල පසුපස අසුන්වල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, ඇතැම් මෝටර් වාහන නිෂ්පාදනයේදී පසුපස ආසන පටි සවිකර නොමැති බව හඳුනාගෙන ඇති බැවින්, එම වාහන සඳහා අදාළ පටි අලුතින් සවි කර ගැනීමට රියදුරන්ට සහ වාහන හිමියන්ට තවත් අතිරේක කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
මෙම සහන කාලය තුළ අදාළ වාහන සඳහා ආරක්ෂිත ආසන පටි සවි කරගන්නා ලෙස බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටී. ඉදිරියේදී අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම නීතියේ ප්‍රධාන අරමුණයි.
















