27 April 2024
#දේශීය

උතුරු කොළඹ, මෝදර දෙමහල් මාතෘ නිවාසය නගරාධිපතිනියගේ අතින් ජනතා අයිතියට

කොළඹ මහා නගර සභාවේ වියදමින් ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත අලුතින් ඉදිකරන ලද උතුරු කොළඹ, මෝදර දෙමහල් මාතෘ නිවාසය නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (21) ජනතා අයිතියට පත් කරන ලදී.

 

පුද්ගලික රෝහලක ඇති පහසුකම් සහිතව ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල කාමර දෙකකින් සහ OPD ඇඳවල් 10කින් සමන්විත වේ, මෙහි ඉහළ මහලයේ පවුල් සෞඛ්‍ය නිලධාරීවරියන් සඳහා නිල නිවාස ඉදිකර ඇත. දරු ප්‍රසූතිය සඳහා පැමිණෙන මව්වරුන්ට ඇයගේ සහායට පැමිණෙන තවත් කෙනකු සමග තනිවම සිටිය හැකි පරිදි මෙම කාමර දෙක සමන්විත වේ. මෙම මාතෘ නිවාසය මගින් මව්කිරි කළමනාකරණය, මාතෘ හිංසනය, සූව දිවි සායන, මානසික සෞඛ්‍යය ආදී වෛද්‍ය සායන පවත්වන අතර රෝගීන් සඳහා ප්‍රතිකාරද කරනු ලබයි. වෛද්‍යවරයා සමග තම ගැටලු තනිවම සාකච්ඡා කිරීමට හැකි පරිදි වෙද්‍ය කාමර ඉදිකර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා මිලියන 38ක පමණ මුදලක් වැය වී ඇත.

මෙම අවස්ථාව සඳහා කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නීතීඥ රෝෂණී දිසානායක මහත්මිය ද, ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා, වෛද්‍ය නිලධාරීනි කේ. ඒ. සී. එස්. ජයම්පති මහත්මිය ද ඇතුළු ආයතන ප්‍රධානීන් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *