ඉන්ධන නාස්තිය අවම කිරීමේ පියවරක් ලෙස සිය පරිවාර ආරක්ෂක රථ සංඛ්‍යාව අඩු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පියවර ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සිය කාර්යාලයට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ අරමුණින් ආරක්ෂක රථ සඳහා විදුලි මෝටර් රථ (Electric Vehicles) භාවිත කරන ලෙස උපදෙස් ලබා දී තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත. අග්‍රාමාත්‍යවරයාගේ මෙම පියවරත් සමඟ ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත රජයන්හි දේශපාලන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් ද තම රථ වාහන භාවිතය සීමා කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.














