ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) 24 වසරක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, එහි දැනට සේවය කරන ප්‍රධාන අභියෝදක කරීම් ඛාන් (Karim Khan) මහතා ධුරයෙන් ඉවත් කිරීමට සාමාජික රටවල් රහස් ඡන්දයකින් තීරණය කර ඇත. මෙම ඡන්ද විමසීමේදී ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 82ක්, විපක්ෂව ඡන්ද 13ක් ලැබී ඇති අතර රටවල් 15ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක අමාත්‍ය යොඅව් ගැලන්ට් වෙත අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා ගැනීමට කටයුතු කළේ කරීම් ඛාන් මහතාය. ඔහුට එරෙහිව කනිෂ්ඨ සේවිකාවකගෙන් එල්ල වූ ලිංගික චෝදනාවක් මත මෙම පියවර ගෙන ඇති අතර, ඛාන් මහතා එම චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ මෙය නීති විරෝධී ක්‍රියාවලියක් බවයි. මෙම ඡන්ද විමසීම සඳහා සාමාජික රටවල් මෙහෙයවීමට ඊශ්‍රායලය මැදිහත් වූ බව වාර්තා වන අතර, වරෙන්තු තවදුරටත් වලංගුව පැවතුණද ලබන වසර දක්වා නව ප්‍රධාන අභියෝදකයෙකු පත් කිරීමට නියමිත නැත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














