මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ඔක්කම්පිටිය සහ තණමල්විල ප්‍රදේශවලදී මියගිය වන අලින් දෙදෙනෙකුගේ සිරුරු පසුගිය 18 වැනිදා ප්‍රදේශවාසීන්ට හමු වී තිබේ.
ඔක්කම්පිටිය, මාළිගාවිල රොබට් වාඩිය ප්‍රදේශයේ වගා බිමක තිබී උස අඩි හතක් පමණ වන අවුරුදු 30ක වන අලියෙකුගේ මළ සිරුරක් හමු වී ඇති අතර තණමල්විල, නිකආර ප්‍රදේශයේ කැළෑබද ස්ථානයක තිබී අවුරුදු 25ක් පමණ වයසැති අඩි හයක් උස වන අලියෙකුගේ මළ සිරුරක් හමු වී ඇත. නිකආර ප්‍රදේශයෙන් හමු වූ වන අලියාගේ සිරුර නරක් වී තිබීම හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද වහනය වන බව වාර්තා වේ.
වන අලින්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. මොණරාගල සහ තණමල්විල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාල නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.














