මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය ජලාශය ආසන්නයේ මුතුකණ්ඩිය කුඩා පරිමාණ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීම සිදු කෙරේ. මුතුකණ්ඩිය සහ අවට මිරිදිය ජලාශවල මත්ස්‍ය සම්පත ඉහළ නැංවීම සඳහා මත්ස්‍ය ඇඟිල්ලන් කෘත්‍රිමව අභිජනනය කිරීම සහ ඇතිදැඩි කිරීම මෙහිදී සිදු කෙරෙන අතර වසරකට මත්ස්‍ය ඇඟිල්ලන් මිලියන 3.5ක් පමණ අභිජනනය කිරීම අපේක්ෂා කෙරේ.
ග්‍රාමීය ධීවර ප්‍රජාවට ස්ථාවර ආදායම් මාර්ග සහ පෝෂණ සුරක්ෂිතතාව සැලසීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණකි. මෙහි වැඩකටයුතු තවත් මාස 2ක් ඇතුළත සම්පූර්ණයෙන්ම නිම කිරීමට නියමිත අතර ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 122ක මුදලක් වැය කෙරේ. මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් සපයනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසිනි. ‘දිට්වා’ සුළි කුණාටුව වැනි පාරිසරික බලපෑම් හේතුවෙන් විනාශ වූ මත්ස්‍ය සම්පත යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ව්‍යාපෘතිද ක්‍රියාත්මක කෙරේ. රජයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘති කටයුතු ක්‍රියාත්මක වේ.














