මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන ඔගස්ටස් රොෂාන් නොහොත් ‘මුරවත්තේ සීප්පු’ නමැත්තා අද (15) අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකායේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 36යි මිලිග්රෑම් 210ක් සහ මත්ද්රව්ය ඇසුරුම් කිරීම සඳහා භාවිත කරන විද්යුත් තරාදියක් සොයාගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි, සැකකරු මොරටුවැල්ල ප්රදේශයේ පිහිටි සිය නිවසට මත්ද්රව්ය රැගෙනවිත් ඇසුරුම් කර, මොරටුව සහ ගල්කිස්ස ප්රදේශ ඉලක්ක කර ගනිමින් කලක සිට මෙම ජාවාරම සිදුකර ඇතැයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.
මෙම වැටලීම පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ ක්රියාත්මක වන වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකායේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත, එම බලකායේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සිදුකර තිබේ.













