අරලගංවිල පොලිස් වසමේ අලවාකුඹුර ප්‍රදේශයේදී ඊයේ (28) සවස අකුණු සැර වැදීමෙන් 47 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණකාරිය අලවාකුඹුර, මාදුරුඔය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ඥාති පුත්‍රයෙකු සමඟ පිඹුරත්තෑව ජලාශයේ ධීවර කටයුතු සඳහා ගොස් සිටියදී මෙම අකුණු සැර වැදීම සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














