මොරොක්කෝව විසින් එරට දිගම අධිවේගී මාර්ගය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නම් කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයාට ගෞරව දැක්වීමක් සහ කෘතඥතාව පළ කිරීමක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මීට පෙර ‘ටින්සිට් ඩක්ලා’ (Tiznit-Dakhla) යනුවෙන් හැඳින්වුණු කිලෝමීටර් 1,055ක් දිගින් යුත් මෙම අධිවේගී මාර්ගය දැන් ‘ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මාර්ගය’ ලෙස නම් කර ඇත. 2020 වසරේදී බටහිර සහරාව (Western Sahara) අයිති මොරොක්කෝවට යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ. ඛනිජ සම්පතින් සහ මත්ස්‍ය සම්පතින් පිරුණු උපායමාර්ගිකව ඉතා වැදගත් භූමි ප්‍රදේශයක් වන බටහිර සහරාව සම්බන්ධයෙන් ට්‍රම්ප් දැක්වූ ස්ථාවරය අරභයා මොරොක්කෝවේ 6 වැනි මොහොමද් රජු විසින් මේ බව දන්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත විශේෂ ලිපියක් ද යවා ඇතැයි වාර්තා වේ.














