ඉරාන පාලන තන්ත්රය පෙරළා දැමීමේ සැලැස්ම අසාර්ථක වීමත් සමඟ, ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි අංශ ප්‍රධානියා වන රෝමන් ගොෆ්මන් විසින් එහි ප්‍රධානීන් දෙදෙනෙකු ඉවත් කර ඇති බව ‘චැනල් 12’ නාලිකාව වාර්තා කරයි.
ඉරාන අංශයේ ප්‍රධානියා සහ බුද්ධි අංශ අධ්යක්ෂවරයා මෙලෙස ඉවත් කර තිබේ. ඉරාන පාලනය බිඳ දැමීමට සකස් කළ මෙම සැලැස්ම, පසුගිය පෙබරවාරි මාසයේදී ට්‍රම්ප් යුද්ධයකට එකඟ කරවා ගැනීමට ඊශ්‍රායල අගමැති නෙතන්ޔාහු භාවිතා කළ බව පැවසේ. කෙසේ වෙතත්, මාස කිහිපයක් ගත වුවද ඉරාන පාලනය තවමත් වෙනස් වී නැත.
මෙය සාමාන්‍ය මාරුවීමක් ලෙස නිල වශයෙන් පැවසුවද, ක්‍රියාත්මක නොකළ මෙම සැලැස්මේ වරද පටවා මොසාඩ් ප්‍රධානියා විසින් ඔවුන්ව බලහත්කාරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්













