27 April 2024
#දේශීය

කොරෝනා ආසාදිතයින් වැඩි දෙනෙකුට ඔක්සිජන් ඕනෑ – වෛද්‍ය හේමන්ත කියයි

මේ දිනවල හදුනාගත් කොරෝනා ආසාදිතයින් වැඩි දෙනෙකුට රෝග ලක්ෂණ වැඩි වන අතරම ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ සැලසුම් කල ආකාරයට ඇතැම් රෝහල්වල බොහෝ විට ඉඩ කඩ අවම වී ඇති බවයි. එහෙයි අදාළ රෝහල්වල ඉඩ පහසුකම් වැඩි කිරීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසිය.

දැඩි සත්කාර හෝ වෙනත් විශේෂ අවශ්‍යතා අවශ්‍ය නොවන රෝගින් හැකිතාක් රෝහලින් ඉවත් කිරීමට කටයුතු කරන බව වෛද්‍යවරයා කියා සිටියේය. ඒ අනුව අවශ්‍ය ඉඩ කඩ ලැබෙනු ඇති බව ද ඔහු අනාවරණ කළේය.

රට විවෘත කිරීමට කටයුතු කරන්න් සම්පුර්ණයෙන් ජනතාව බවත් එය වගකීම සම්පුර්ණයෙන් ජනතාව මත පැටවෙන බව වෛද්‍ය හේමන්ත මහතා කියා සිටියේය.

ජනතාව වගීකමේන් හැසිරෙනවානම් රට විවෘත කිරීමේ හැකියාවක් ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *