27 April 2024
#දේශීය

මේ උද්ඝෝෂණය කරන වේලාවක් නෙමෙයි.. මුලින්ම කොරෝනා පාලනය කරමු – රාජ්‍ය ඇමැති චන්න

පවතින කොරෝනා වසංගතය පාලනය කිරීමට කටයුතු කිරීමට සියළු දෙනා එක්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් රැගත් ගුවන් යානයක් අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ගුරුවරු තමන්ගේ ජිවිත ගැන අවධානම නොකතා උද්ඝෝෂණ කරන්නට පෙළඹි ඇති නමුත් මෙය උද්ඝෝෂණය කිරීමට කාලය නොවන බවයි.

කෙසේ වෙතත් ප්‍රථමයෙන් කොරෝනා පාලනය කිරීමට කටයුතු කල යුතු බවත් පසුව අන් දේ සැලකිල්ලට ගත යුතු බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *