27 April 2024
#දේශීය

මාරක රිය අනතුරින් යතුරුපැදිකරු මරුට

පුත්තලම, කුරුණෑගල මාර්ගයේ ඊයේ (23) රාත්‍රී කාලයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරින් අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

කුරුණෑගල මාර්ගයේ කල්අඩිය 06 කණුව ප්‍රදේශයේදී ආණමඩුව දෙසට ධාවනය වු යතුරුපැදියක් ඉදිරියෙන් පැමිණී ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 27 ක් වු සිරම්බිඅඩිය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ලොරි රථ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධීය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *