27 April 2024
#දේශීය

මිහින්තලේ අනුලා දේවී චෛත්‍යයේ නටබුන් ආරක්‍ෂක ලේකම්ගේ නිරීක්‍ෂණයට

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා ඇති මිහිඳු මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීමට ආරක්‍ෂක ලේකම් සහ නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ’ සභාපති ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ (23) නිරික්ෂණ චාරිකාවක නිරත විය.

ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ බුද්ධ මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.

අනුරාධපුර සඳහිරුසෑය හා මිහින්තලේ අනුලා දේවී චෛත්‍යයේ නටබුන්ද මෙම සංචාරයේදි ආරක්‍ෂක ලේකම්වරයාගේ නිරීක්‍ෂණයට ලක් විය.

මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධර්මරත්න හිමි, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ළමාහේවගේ (විශ්‍රාමික) යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *