තල්මසුන්ගෙන් ලබා ගන්නා අම්බර් (Ambergris) කිලෝග්රෑම් 7යි ග්රෑම් 990ක් සහ මෝටර් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ඔක්තෝබර් 23 වන දින සවස කොටහේන පොලිස් වසමේ මරීනා මහලු නිවාස සංකීර්ණය අසලදී ලද තොරතුරක් මත කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 30ක පමණ වන වාද්දුව ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.













