27 April 2024
#දේශීය

ජනවරමක් නැති රනිල් ඊළඟ ජනාධිපතිවරණයට එන්නේ නෑ -මන්ත්‍රී මරික්කාර්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනාධිපතිවරණයට එන්නේ නැති බවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනපති වුණ රනිල් වික්‍රමසිංහට ජනමතයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (15) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ජනාධිපතිවරයාගේ අගමැතිකම නැතිවුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා බවත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව අහිමි වුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා බවත් එජාප මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වෙලා සමගි ජන බලවේගය සමඟ එකතු වෙන්න ප්‍රධාන හේතුව පාස්කු බෝම්බ ප්‍රහාරය බවත් ඒ නිසා පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙස මරික්කාර් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ‘‘පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් අත් නොවීම නිසාත් එහි සැලසුම්කරුවන් කවුරුද්ද යන්න සොයා නොගැනීම නිසාත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය මේ තත්ත්වයට පත් වුණේ කොහොමද කියලා සොයා නොගැනීම නිසාත් පාස්තු ප්‍රහාරය නැවත මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරය ගැන චැනල් 4 නාලිකාව කියන්නත් කලින් ජනතාව ගැන විවිධ සැක සංකා තිබුණා. ජනාධිපතිවරයා කියනවා චැනල් 4 සිද්ධිය ගැන හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා කියලා. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවත් වැඩක් නැ. ජාත්‍යන්තර පරීක්ෂණයක් තමයි අවශ්‍ය වෙන්නේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා කියන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. අපට ආරංචියි ලංකාව මූල්‍ය අර්බුදයක පටලපු දේ ගැන හොයන්න කොමිසමක් පත් කරලා නෑ. ඒ කොමිසමට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගේනවලු. ඒ කොමිසමේ සභාපති පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්. ඒ කොමිසමෙන් වැඩක් තියෙයිද ඉතිං. මහ බැංකු මූල්‍ය වංචාව පිළිබඳ වර්තමාන ජනාධිපති එවක අගමැතිවරයා විදිහට කමිටුවක් දැම්මා. පස්සේ ඒ කමිටුව යටපත් කරන්න හැදුවා. පස්සේ ජනතාවගේ පාර්ලිමේන්තුවේ විරෝධතාවය නිසා විවිධ කොමිසන් දාලා වහන්න හැදුවා. නමුත් ඒ වැඩේ හරි ගියේ නෑ. පාස්තු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තාවේ සමහර වෙළුම් රහසිගතයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විපක්ෂ නායකවරයාට පරීශීලනය කරන්න අවස්ථාවක් නෑ. මොකක්ද තියෙන රහසිගතභාවය. ඇත්ත දැන ගැනීමේ අයිතියක් පුරවැසියන්ට තියෙනවානම් පාස්තු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තාමේ සමහර වෙළුම් පරීශිලනය කරන්න දෙන්න පුලුවන් වෙන්න ඕන. බොරු කොමිසන් සභා දාලා , බොරු තේරීම් කාරක සභා දාලා මේ ගැන හොයන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ ගැන විශේෂඥ දැනුමත් තියෙන පිරිසක් නෙවෙයි. පාස්තු ප්‍රහාරය ගැන හොයන්න ඕන විශේෂඥ දැනුමක් තියෙන පරීශිලිකයෝ දාලා මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ඕන. පාර්ලිමේන්තුවේ ඉන්න ඇමැතිවරුන්ගේ ආරක්ෂකයින්ට මේ ප්‍රහාරය ගැන දැනුම් දීලා තියෙද්දී , ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂ මණ්ඩලයට දැනුම් දීලා තියෙද්දී තමයි මේ ප්‍රහාරය සිදු වුණේ. එහෙම දැනුම් දීලත් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණ අයට පුළුවන්ද පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිස් ගැන හොයන්න. බොරු තේරීම් කාරක සභා දාලා ජනතාව රවට්ටන්න එපා. ජනාධිපතිවරයාට ජනවරමක් නැත්තේ ඒ හින්දා. ජනාධිපතිවරයාට ජනතාව හිතන විදිහ ගැන ජනතාව දකින දේවල් ගැන ජනතාව ජීවත් වන විදිහ ගැන කිසිම අවබෝධයක් නෑ. ඒ නිසා ජනාධිපතිවරයා කියන දේවල් ජනතාව හිස් මුදුනින් පිළිගන්නේ නෑ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනාධිපතිවරණයට එන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දෙපාරක් ජනපතිවරණයට ඉල්ලුවා පැරදුනා. දෙපාරක් වෙන අයව බිල්ලට දුන්නා. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනපති වුණ රනිල් වික්‍රමසිංහට ජනමතයක් නෑ. ජනමතයක් හදාගන්නත් බෑ. බදු වලින් , තෙල් ටිකෙන් , විදුලි බිලෙන් මිනිසුන්ගේ රීරි මාන්ස උරා බිලා තියෙන්නේ. ඒ නිසා ජනතාව රනිල් වික්‍රමසිංහ කියන දේවල් පිලිගන්න සූදානම් නෑ. ජනාධිපතිවරයාගේ අගමැතිකම නැතිවුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා. එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව නැති වුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා. අපි එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වෙලා එන්න ප්‍රධාන හේතුවක් තමයි පාස්කු බෝම්බ ප්‍රහාරය. රනිල් වික්‍රමසිංහ මහත්යාගෙන් ඉල්ලන්නේ එතුමාට පාර්ලිමේන්තු එන්න පාර කපපු එක්සත් ජාතික පක්ෂයට සාධාරණයක් ඉටු කරන්න. ජනාධිපතිවරයාට අගමැතිකම නැති කරපු පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන හොයන්න. රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටින කාලයේ ආරක්ෂ මණ්ඩලයට කැදෙව්වේ නෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මේ ගැන දන්නැ කියලා කිව්වා. ඒ ඇත්ත රටට උප්පු කරන්න පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න. සැබැ වුනමනාවක් තියෙනවානම් පාස්තු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තාවේ වෙළුම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ විපක්ෂ නායකවරයාට ලබාදෙන්න. ජනාධිපතිවරයාට කියන්න තියෙන්නේ තමන්ට ජනාධිපතිවරණයට ඉල්ලන්න වෙන් නෑ කියලා ජනතාවගෙන් පලි ගන්න එපා. ලබන අවුරුද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාමාන්‍ය පුරවැසියෙක්. ජනාධිපතිකමත් නැ පාර්ලිමේන්තුවත් නෑ. ඒ නිසා ජනතාව සමඟ ජීවත්වෙන්න ” යැයි මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *