2024 වසර හා සැසඳීමේදී 2026 වසර වන විට ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දිළිඳුකම අවම කර ගැනීමට වත්මන් ආණ්ඩුව සමත්ව ඇති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.
ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඔවුන්ගේ ජීවිත ගුණාත්මක වශයෙන් පොහොසත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ඇය පෙන්වා දුන්නාය. ජනතා විශ්වාසය තවදුරටත් තහවුරු කරමින්, ජනතාව අපේක්ෂා කළ පොහොසත් රට නිර්මාණය කිරීමේ අරමුණින් රජය විසින් “ප්‍රජා ශක්ති” ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවද මන්ත්‍රිනීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
















