• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියයට අනුවක්වම අසත්‍ය ප්‍රකාශ කරන්නේ සමාජ මාධ්‍ය බව මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන කියයි

24 January 2024
in දේශීය, පුවත්

සමාජ මාධ්‍ය තුළින් සත්‍ය ඉදිරිපත් වන්නේනම් ඉතා වැදගත් බවත් නමුත් අසත්‍ය සත්‍ය බවට පත්කරමින් විශාල වශයෙන් අසත්‍ය ප්‍රචාරය ඒ තුළ සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “ ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා පාර්ලිමේන්තුවේදි ප්‍රධාන මාධ්‍යවලින් ලැබෙන තොරතුරු ජනතාවට ඒ තරම් දුරට ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඒවගෙන් සත්‍ය ප්‍රවෘත්ති හරියාකාරව ලබාදෙන්නේ නැහැ කියලා එතුමා කිව්වේ සමහර මාධ්‍ය ආයතනවල දේශපාලනය ගැවිලා තිබෙනවා කියලා. සමාජ මාධ්‍ය අත්‍යවශ්‍යයි, අනෙකුත් දැනට භාවිතා කරන මාධ්‍ය අවශ්‍ය නැහැ කියන වාරණය තමයි ඒ ප්‍රකාශයෙන් කියවුණේ. එය ඉතාම අසාධාරණ කියමනක්. සමාජ මාධ්‍යවලට වඩා අපේ අද පවතින ප්‍රධාන නාලිකා තුළින් මේ රටට සත්‍ය තොරතුරු ගේනවා. මේ සමාජ මාධ්‍යවලින් තමයි මෙය හරියාකාරව නොකරන්නේ. සමාජ මාධ්‍ය තුළින් සත්‍ය ඉදිරිපත් කරනවානම් අපි කැමති. නමුත් අසත්‍ය සත්‍ය බවට පත්කරමින් විශාල වශයෙන් බොරු ප්‍රචාරය කරනවා. මම මුහුණදුන්නා ඊයේ පෙරේදා ඔය ප්‍රශ්නයකට. තඹුත්තේගම කෝන්වැව ගම්මානයට මම ආරෝ ප්ලාන්ට් එකක් ස්ථානගත කරන ස්ථානයට බලන්න ගිය අවස්ථාවේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වුණා. මේ ගැටුම විසඳලා නැවතත් දැනුම් දෙන්න කියලා මමයි මහා ඇමතිතුමයි යන්න ගියා.මේ පිරිස කලකෝලහල වුණා. අපි ගියාට පස්සේ ඔවුන් හූවක් නිර්මාණය කරලා ජ.වි.පේ පිරිස අලුතින් ප්‍රවෘත්තියක් හැදුවා. ඊටපස්සේ චන්ද්‍රසේනට හුවක් කිව්වා කියලා ප්‍රචාරය යැව්වා. අනුරාධපුරයේ මට හූ කියන්න කවුරුත් නැහැ. ලොකු අසාධාරණයක් ඔවුන් මට කළා. සියයට අනුවක්වම අසත්‍ය ප්‍රකාශ කරන්නේ සමාජ මාධ්‍ය. ඒ නිසා මේ පනත අනිවාර්යයෙන්ම ගෙන ආයුතු පනතක්. ඒ තුළින් මාධ්‍ය මර්ධනය වෙන්නේ නැහැ. මාධ්‍ය අවශ්‍යයි. දේශපාලනඥයන්ටත්, ජනතාවටත් මාධ්‍ය අවශ්‍යයි. මේ ප්‍රශ්නය අද අධ්‍යාපනයටද විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. අද අධ්‍යාපනය, පාසල් ජිවිතය කඩාකප්පල් කිරීමේ මට්ටමට සමාජ මාධ්‍ය හරහා අධ්‍යාපනයට විශාල බලපෑමක් කරනවා. හුඟාක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද සමාජ මාධ්‍ය භාවිතය නිසා තමන්ගේ ජිවිත විනාශ කරගෙන තිබෙනවා. මේ විපක්ෂයේ පිරිසගෙන් ඉල්ලා සිටින්නේ අපිට මෙයට උදව් කරන්න. මෙය රටක් ජාතියක් වශයෙන් කරන දෙයක්. මාධ්‍යයට ප්‍රහාර දීමක් නොවේ. මෙය සංස්කෘතියටත් විශාල බලපෑමක් තිබෙනවා. නිරුවත් පිංතූර ඒ තුළින් දානවා. මේ දේවල් පාසල් දරුවන්ද බලනවා. මෙය නැවැත්වීම හොඳ දෙයක් ලෙස මම කියන්නේ. ඒ වගේම අපේ ගෙවල් ගිනිතියන්න පැමිණියේද මේ සමාජ මාධ්‍යවලින්. මේ වගේ අමුතු අමුතු දේවල් කරන්න තමයි මේ මාර්ගගත ක්‍රමය භාවිතා කරන්නේ. ඒ නිසා මාර්ගගත පනතෙන් තෝරා බේරලා , සමාජයට යහපතක් වන පරිදි , සාමාන්‍ය මාධ්‍ය ආරක්ෂා වන පරිදි කටයුතු කරන්නයි කවුරු මොනවා කිව්වත් අපි රජයක් විදිහට මේ පනත ගෙනත් තිබෙන්නේ. අපි මේ පනත අද වැඩි ඡන්දයකින් ජයග්‍රහණය කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 131
Previous Post

නියංගොඩ මහ විද්‍යාල පරිශ්‍රය කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට සැලසුම්

Next Post

ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනයට  ‘ධීවර සුව සවිය’ ආරම්භ කරනවා – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත 

editor ttvnews

editor ttvnews

Next Post
ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනයට  ‘ධීවර සුව සවිය’ ආරම්භ කරනවා – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත 

ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනයට  ‘ධීවර සුව සවිය’ ආරම්භ කරනවා - රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved