27 April 2024
#දේශීය

බුස්ටර් මාත්‍රාව දැනට 50% ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව මන්ත්‍රී උදයන කියයි

තුන්වෙනි එන්නත් මාත්‍රාව දැනට 50% ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි උදයන කිරිඳිගොඩ මහතා අදහස් දක්වමින්, “අර්බුදයන් කියන එක ලෝකයේ කොයි රටකටත් පොදු අරමුණක්. අර්බුද කියන දේ අපි කවුරුත් බලාපොරොත්තු වන දේවල් නොවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි පළමුව බලය පිහිටු වන්නේ පළාත් පාලන මැතිවරණය 2018 දි. ඉන්පසු විශාල පරිශ්‍රමයකින් පසු රටේ ආරක්ෂාව තහවුරු කිරීමට, ජනතාවගේ බලාපොරොත්තු සාක්ෂාත් කිරීම පිණිස ලක්ෂ 69 ගේ විශ්වාසය දිනු සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය කරලිය ගෙන ඒමෙන් අපේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිධූරයට පත් වෙනවා. ඒ අවස්ථාවේ තමයි අපි අනපේක්ෂිතව කොරෝනා වසංගතය නම් අර්බුදයකට පත් වෙනවා. එහෙත් අපි රටක් විදිහට අපේ නායකත්වයත් එක්ක ගිහිල්ලා මේ අර්බුදය ඉතාම මැනවින් කළමණාකරණය කර ගැනීමට අපිට හැකියාවක් ලැබුණා. එන්නත් නිෂ්පාදනය කරපු රටවල්වල පවා තාම සම්පූර්ණයෙන් එන්නතකරණය කර ගන්නට බැරි වෙලා තිබෙද්දි පළමු එන්නත් මාත්‍රාව ද දෙවනි මාත්‍රාව ලබා දෙන්නත් අපිට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම තුන්වෙනි එන්නත් මාත්‍රාව දැනට 50% ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා. ඒ තුළින් රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගන්නාවු ක්‍රියාමාර්ග සියල්ලම රජයක් විදිහට අරගෙන තිබෙනවා.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *