• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිලුත් පක්ෂයත් ලෝක වාර්තා තැබු බව මන්ත්‍රී වජිර කියයි

2 May 2024
in දේශීය, පුවත්
රනිලුත් පක්ෂයත් ලෝක වාර්තා තැබු බව මන්ත්‍රී වජිර කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ ලෝක වාර්තාවක් තියපු නායකයෙක් බවත් මේ පක්ෂයත් ලෝක වාර්තාවක් තියපු දේශපාලන පක්ෂයක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) එජාප මැයි දින රැළිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා “ මම හිතන්නේ අද ඓතිහාසික දවසක්. එක පැත්තකින් ලෝක කම්කරු දිනය. ලෝක කම්කරු දිනය හේතු කිහිපයක් උඩ ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට ඉතා වැදගත්. 2021, 2022, 2023 ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාව වැඩබිම්වල නෙමෙයි හිටියේ.

ගොවි ජනතාව හිටියේ උදලු කරේ තියාගෙන නගරවල. බස් රියදුරු මහත්වරු සහ කොන්දොස්තර මහත්වරු හිටියේ ඩීසල් ගැලුම අතේ තියාගෙන ශෙඩ් එකේ. සියලුම දුම්රිය මහත්වරු හිටියේ කොච්චි දුවාගන්නවත් ඉන්ධන නැතිව. සියලුම රාජ්‍ය සේවකයෝ හිටියේ තමන්ගේ සේවා ස්ථානයටවත් එන්න ප්‍රවාහන පහසුකම් නොමැතිවයි. පෞද්ගලික අංශයේ සියලුම සේවකයින් තමන්ගේ සේවාවන් නැතිව ගෙවල්වලට වෙලයි හිටියේ.

ලෝක කම්කරු ජනතාව අද කම්කරු දිනය සමරන වෙලාවේ මෙය ශ්‍රී ලාංකික කම්කරු ජනතාවටත් ඓතිහාසික අවස්ථාවක්. මම හිතනවා අද කොළඹ නගරයේ තිබෙන සෑම මැයි රැළියකම කෘතවේදීත්වය දන්න රටකනම් කළ යුතු ප්‍රධානම කාර්යය තමයි මේ මූලාසනයේ ඉන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජාතියේ කෘතවේදීත්වය හිමිකරදීම. එතුමාට අනිවාර්යයෙන්ම ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි.

අද සියලු දේශපාලන පක්ෂ කොළඹට ආවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පින් සිද්ධ වෙන්නයි. මම අද දකුණු පළාතේ බෙලිඅත්තෙන් එක දුම්රියක් එන්න කියලා කිව්වා. ඒ ආව දුම්රිය සම්පූර්ණයෙන්ම පිරිලා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් තවත් දුම්රියක් ආවා. ඒ දුම්රියත් සම්පූර්ණයෙන්ම පිරිලා. තව දුම්රියක් ආවා කළුතර දිස්ත්‍රික්කයෙන්. ඒ දුම්රියත් එසේමයි.

එසේනම් ජාතියක් ලෙස අපි ලෝක කම්කරු දිනය සමරන වෙලාවේ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවගේ ගෞරවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිමිවිය යුතුමයි. එය තමයි සත්‍ය. එහෙනම් එතුමාගේ දර්ශනය අනුව අපි බලන්නට ඕන. මේ මාසය අවසන් වෙනකොට අද කොළඹ සෑම පිට්ටනියකම ඉන්න මහා ජන ගඟ ජාතික එකඟතාවයකින් එතුමන්ගේ කැමැත්ත අනුව ලංකාවේ සියලු පිට්ටනිවල ඉන්න දේශපාලන ජනතාව එක තැනකට අරගෙන ශ්‍රී ලංකාව රටක් හැටියට ආසියාවේ ඉහළ තැනකට ඔසවා තබන්න ඒන කියලා ඒ අයට මම මතක් කරන්න කැමතියි.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ ලෝක වාර්තාවක් තියපු නායකයෙක්. මේ පක්ෂයත් ලෝක වාර්තාවක් තියපු දේශපාලන පක්ෂයක්. එක අසුනකට වැටුනහම ඒ අසුනට මේ පක්ෂයේ හිටපු සියලුදෙනාම එකතුවෙලා කිව්වා එය නියෝජනය කල යුත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි කියලා. එතුමා ගියා පාර්ලිමේන්තුවට.

රට තිබුණේ ඒ අවස්ථාවේදී විශාල අවුලකයි. එතුමා පාර්ලිමේන්තුවට ගිය දා පටන් සත්‍ය කිව්වා. නමුත් ඒ අවස්ථාවේදී කවුරුවත් ඒවා පිළිගන්න කැමතිවුණේ නැහැ. කොහොම හරි ඉතාමත් කෙටි කාලයකින් රට කඩා වැටුණා. ඒ කඩා වැටුණු රට බාරගන්න කිසිකෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. හැමෝම පාර්ලිමේන්තුව ඉස්සරහින් ගියෙත් ෆේස්මාස්ක් දාගෙන.

නමුත් එතුමා මෙවැනි අවස්ථාවක රටේ ජනතාව වෙනුවෙන් අගමැතිකම බාරගත්තා. ඒ බාරගත්තම එතුමාගේ ගේ ගිනි තිබ්බා. ඒ කිසිම දේකට බැරි වුණා එතුමා යන ගමන නතර කරන්න.
අවසානයේදී එතුමා 8 වෙනි විධායක ජනාධිපති හැටියට මේ රටේ වගකීම බාරගත්තා. මෙය ලෝක වාර්තාවක්. තනි ආසනයකින් ජනාධිපති කෙනෙක් බිහි කරපු ලොව එකම පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය වාර්තා අතරට එක්වෙනවා මිත්‍රවරුනි.

මෙය එසේ මෙසේ පක්ෂයක් නොවෙයි. බලන්න එක අසුනක තිබුණු බලය තොයි තරම්ද කියලා. ඒකේ බලය තමයි සත්‍ය. අපේ පක්ෂයේ නායකයා හැම වෙලාවෙම සත්‍ය කතා කළා. එතුමා ඡන්ද ගන්න, බලය ගන්න කවදාවත් බොරු කිව්වේ නැහැ. එතුමා 2002 දීත් මේක කිව්වා. 2004 දීත් එතුමා මේක කිව්වා. එතුමා මේ රටේ ජනතාවට දිගින් දිගටම සත්‍ය ප්‍රකාශ කළා. නමුත් එතුමා කිව්ව ඒ සත්‍ය මහජනතාව ප්‍රතික්ෂේප කරලා, බෝතලේ අරගෙන තෙල් පෝලිමට, ගෑස් පෝලිමට ගියා. මහජනතාව එක්සත් ජාතික පක්ෂය කුණු බක්කියට දාලා හිඟාකන තැනට පත්වුණා.

නැවත ඒ වරද කිසිදාක ජාතියට කරන්න එපා කියලා මම ඔබෙන් ඉල්ලන්න කැමතියි මිත්‍රවරුනි. නැවත ඒ වරද කළොත් ශ්‍රී ලංකාව අහිකුණ්ඨක ජාතියක බවට පත්වෙලා යටත් විජිත රාජ්‍යයක් බවට පත්වෙයි කියලා මම ඔබට මතක් කරන්න කැමතියි.

ණය අරගෙන ඒ ණය ගෙව්වේ නැති වුණාම ඒ ණය දුන්න අය ඇවිත් පදිංචි වෙනවා. අපේ රට එතැනට දාන්න එපා. රටට, ජාතියට, අපිට නායකයෙක් ඕන. අපිට ඉන්න මුලු ලෝකයක් පිළිගත්ත නායකයෙක්. එතුමාගේ දේශපාලන පළපුරුද්ද අවුරුදු 50 කටත් වඩා වැඩියි. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නායකයාව අපි මේ වර්ශයේදී සමස්ථ ශ්‍රී ලාංකික මහජනතාවගේ ඡන්ද ලක්ෂ 100 ක් විතර අරගෙන ශ්‍රී ලංකාවේ නව වෙනි විධායක ජනාධිපති හැටියට මේ වසරේ පත්කරන බව ප්‍රකාශයට පත් කරමින් මම මගේ කතාව අවසන් කරනවා යැයි මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9,383
Previous Post

දකුණුට වයඹට ආණ්ඩුකාරවරු පත් කෙරේ

Next Post

බඹරකිරි ඇල්ල ප්‍රදේශයේ පරිසර හානියක්

editor ttvnews

editor ttvnews

Next Post
බඹරකිරි ඇල්ල ප්‍රදේශයේ පරිසර හානියක්

බඹරකිරි ඇල්ල ප්‍රදේශයේ පරිසර හානියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved