27 April 2024
#දේශීය

පාඨලී චම්පික ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

එයට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා ජාතික සභාවෙහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් මහතා නම් කරන ලද බවද කථානායකවරයා නිවේදනය කළේය.

ජාතික සභාවේ මීලඟ රැස්වීම හෙට (06) පැවැත්වීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *