පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය රාමනාදන් අර්චුනාගේ දේශපාලන හැසිරීම ඉතා කෙටි කලකින් ධනාත්මක දිශාවකට වෙනස් කිරීමට සමත් වූයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්රීවරයා මේ බව සඳහන් කළේය.
මන්ත්රී අර්චුනාගේ අතීත ක්රියාකලාපය සහ පාර්ලිමේන්තුවේදී ඔහු සිදු කළ මුල් කාලීන ප්රකාශ දෙස බැලීමේදී, ඔහු මෙවැනි ස්ථාවරයකට ක්ෂණිකව පරිවර්තනය වීමට බලපෑ එකම හේතුව නාමල් රාජපක්ෂ මහතා බව ඉන්දික අනුරුද්ධ මහතා පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්රීවරයා කියා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් ප්රජාතන්ත්රවාදී ප්රවාහයට යොමු කරමින් කටයුතු කළ අයුරින්ම, නාමල් රාජපක්ෂ මහතාද මන්ත්රී අර්චුනාගේ දේශපාලන ආකල්ප සහ හැසිරීම් රටාව මනා ලෙස වෙනස් කිරීමට සමත්ව ඇති බවයි.
















