කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ළමා ලිංගික අපයෝජන අන්තර්ගත හේතුවෙන් දරුවන් මුහුණදෙන අන්තර්ජාල අවදානම් පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය අනතුරු අඟවා තිබෙනවා.
සාමාන්‍ය දරුවන්ගේ ඡායාරූප කෘත්‍රිම බුද්ධිය මගින් වෙනස් කර ඉතා තාත්වික ලිංගික හෝ අපයෝජනාත්මක අන්තර්ගත නිර්මාණය කළ හැකි බවත්, එමගින් දරුවන්ගේ පෞද්ගලිකත්වයට, ගෞරවයට සහ මානසික සෞඛ්‍යයට බරපතළ බලපෑම් ඇතිවිය හැකි බවත් පොලිසිය පෙන්වා දෙනවා.
දරුවන්ගේ අන්තර්ජාල භාවිතය පිළිබඳ අවධානයෙන් සිටීම, සමාජ මාධ්‍යවල පෞද්ගලිකත්ව සැකසුම් භාවිත කිරීම සහ නාඳුනන පුද්ගලයන් සමඟ පෞද්ගලික ඡායාරූප හෝ තොරතුරු බෙදාගැනීමේ අවදානම් පිළිබඳ දරුවන් දැනුවත් කිරීම ඇතුළු ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසිය දෙමාපියන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
















