මුලතිව්, කල්ලප්පාඩු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
මෙම ධීවරයින් දෙදෙනා පසුගිය 02 වනදා පෙරවරුවේ කල්ලපාඩු වෙරළ තීරයෙන් මුහුදු ගොස් ඇති අතර, ඊයේ දිනය වන තුරුත් ඔවුන් යළි පැමිණ නැත.
අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් මේ පිළිබඳව නාවික හමුදාව දැනුවත් කර තිබේ. ප්‍රදේශයේ ධීවරයින් එක්ව ඊයේ දිනයේ සෝදිසි මෙහෙයුමක් දියත් කළද එය අසාර්ථක වී ඇත. අද (04) දිනයේද නැවත සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.














