Range Rover සන්නාමය සිය සුඛෝපභෝගී අලෙවි උපායමාර්ගය සම්ප්‍රදායික ප්‍රදර්ශනාගාර රාමුවෙන් ඔබ්බට ගෙන යමින් කොළඹ ITC රත්නදීප (ITC Rathnadeepa) පරිශ්‍රයේදී නවතම “Boutique Residency” අත්දැකීමක් විවෘත කර තිබේ.
Access Motors ආයතනය විසින් ඉදිරිපත් කරන මෙම නවතම අවකාශය සාම්ප්‍රදායික වාහන ප්‍රදර්ශනාගාරයකට වඩා වෙනස් වූ, සරල මෙන්ම ඉතා දියුණු නිමාවකින් යුත් ජීවන රටා අත්දැකීමක් (lifestyle-driven experience) ලබාදීම අරමුණු කරයි. මෙහිදී පාරිභෝගිකයින්ට තනි තනිව ලබාදෙන උපදේශන සේවාවන් (one-to-one consultations) හරහා වාහනවල සැකසුම් සහ සන්නාමයේ සුවිශේෂී අංගයන් වඩාත් සමීපව ගවේෂණය කිරීමට අවස්ථාව සැලසේ.
මෙම සුවිශේෂී අවකාශය විවෘත කිරීමේ අවස්ථාව සඳහා හිටපු ‘All Blacks’ නායක කිරන් රීඩ් (Kieran Reid) සහ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් (Andrew Patrick) යන මහත්වරුන් සහභාගී වූහ. මෙය සුඛෝපභෝගී සිල්ලර වෙළඳ ක්ෂේත්‍රය තුළ පෞද්ගලික සහ අත්දැකීම් බහුල සේවාවක් කරා යන ගමනේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.














