මුලතිව්, තුනුකායි, යෝගපුරම් ප්රදේශයේ නිවසකට කඩා වැදුණු වන අලි දෙදෙනකු නිවසේ තිබූ වී ගෝනි හතරක් අනුභව කර පලාගොස් තිබේ.
ඔක්තෝබර් 14 වැනිදා සවස 5ට පමණ පැමිණි අලි දෙදෙනා නිවසේ ප්රධාන ගේට්ටුව කඩාගෙන ඇතුළු වී ප්රධාන දොරටුවද බිඳ නිවසට ඇතුළු වූ බව වාර්තා වේ.
එම අවස්ථාවේ කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් හයදෙනකු නිවසේ සිට ඇති අතර, අසල්වාසීන් අනතුර පිළිබඳ දැනුම් දීමත් සමඟ ඔවුන් නිවසේ පිටුපසට ගොස් ආරක්ෂිත ස්ථානයක රැඳී සිට තිබේ.
තුනුකායි ප්රදේශයේ ජනතාව වන අලි තර්ජනයට නිරන්තරයෙන් මුහුණ දෙන බවත්, යුද්ධයෙන් පසු යළි පදිංචි කළ ඇතැම් පවුල්වල නිවාස තවමත් ස්ථිරව ඉදිකර නොමැති බවත් වාර්තාවේ සඳහන් වේ.
එම ප්රදේශයේ මීට මාසයකට පමණ පෙර වන අලි ප්රහාරවලින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බවද වාර්තා කර තිබේ.














