කැලණි ගඟේ දිය නෑමට ගොස් මුල්ලේරියාව, පොකුණුගොඩ ප්‍රදේශයේදී දියේ ගිලී අතුරුදන් වූ 26 හැවිරිදි තරුණයා සොයා දෙවන දිනටත් අද (30) අඛණ්ඩව මෙහෙයුමක් දියත් කර තිබේ.
මුල්ලේරියාව පොලිසිය සහ පොලිස් නාවික කොට්ඨාසයේ කිමිදුම් ඒකකය එක්ව ඊයේ (29) දිනයේ සිට මෙම විශේෂ සෙවීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ ද, මේ වන තෙක් අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගැනීමට හැකි වී නැත.














