බරපතළ අල්ලස් සහ දූෂණ චෝදනා මත නීතිමය ක්‍රියාමාර්ගවලට ලක්ව සිටින චරිත් අබේසිංහ මහතාව, ‘බහුජන බලය’ සංවිධානයේ සාමාජිකත්වයෙන් සහ එහි ජාතික සංවිධායක ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එම සංවිධානයේ විධායක මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.
හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙකු ලෙස ද කටයුතු කරන චරිත් අබේසිංහ මහතා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පවතින විමර්ශනවලට අදාළවය.
















