‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ජලාශ පිටාර ගැලීම නිසා අහිමි වූ මත්ස්‍ය සම්පත නැවත වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “දිට්වා සුළි කුණාටුවේ හානිය පරදා ජන ජීවිතය නඟාසිටුවමු” වැඩසටහන යටතේ සියඹලාණ්ඩුව, මුතුකණ්ඩිය ජලාශයට මත්ස්‍ය ඇඟිල්ලන් මුදාහැරීම පසුගිය 16 වැනිදා සිදු කෙරිණි.
මෙහිදී මත්ස්‍ය ඇඟිල්ලන් 81,000ක් පමණ ජලාශයට මුදා හරින ලද අතර, අනතුරුව මුතුකණ්ඩිය ජලාශය ආසන්නයේ අලුතින් ආරම්භ කරන ලද මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද නිරීක්ෂණය කෙරිණි. මෙම නව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය මඟින් වසරකට මත්ස්‍ය ඇඟිල්ලන් මිලියන 3.5ක් (තුනයි දශම පහක්) පමණ අභිජනනය කිරීමට අපේක්ෂා කරයි.
මෙම අවස්ථාවට මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ප්‍රදීප් කුමාර, උප සභාපති අසංක ඉඳුනිල්, දිස්ත්‍රික් ජල ජීවී ව්‍යාපෘති නිලධාරි කපිල සහ දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකාරක විමලසේන යන මහත්වරුන් ඇතුළු ධීවර සංවිධාන නියෝජිතයන් පිරිසක් සහභාගි වූහ.















