යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරයක නිරත වෙමින් එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සැමරීමට කටයුතු කරමින් වත්මන් රජයට සෘජු අභියෝගයක් එල්ල කර තිබේ.
තමිල්නාඩුවේ පැවැති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ, ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිංහල මන්ත්‍රීවරුන් තමන්ට “කොටියා” ලෙස හැඳින්වූ බවයි. තමන් කොටියෙකු වීම පිළිබඳව ආඩම්බර වන බවත්, තමන් ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් ළඟ තබාගෙන ඔහුව සමරන බවත් හෙතෙම ප්‍රසිද්ධියේ කියා සිටියේය. තවද, තමන් හෙට දිනයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, හැකි නම් තමන්ව ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගෙන සිරගත කරන ලෙසත් මන්ත්‍රී අර්චුනා ආණ්ඩුවට සහ ආරක්ෂක අංශවලට බලකරමින් අභියෝග කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙලෙස ලංකාවෙන් බැහැරව සිට මෙරට තහනම් සංවිධානයක නායකයෙකු ප්‍රසිද්ධියේ සමරමින් ජාතිවාදී සහ ප්‍රකෝපකාරී අදහස් දැක්වීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් සහ විවේචනයක් මතුව තිබේ.















