මියන්මාරයේ කචින් ප්‍රාන්තයේ පිහිටි දුර්ලභ ඛනිජ පතල්වල අපද්‍රව්‍ය එරට ප්‍රධානතම ඉරවඩි (Irrawaddy) ගංගාවට එකතුවීම නිසා දැවැන්ත පරිසර දූෂණයක් සහ දරුණු නායයෑමේ තර්ජනයක් මතුව ඇති බව පාරිසරික ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
පතල් කැණීම් සඳහා කඳුකර බෑවුම් යන්ත්‍රෝපකරණ යොදා විදීම නිසා පස බුරුල් වී ඇති අතර, අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශයේ නායයෑම් සහ ගංවතුර අවදානම ඉහළ ගොස් තිබේ. ගංගාව ආරම්භක ජලපෝෂක ප්‍රදේශයේදීම මෙලෙස විෂ රසායනික ද්‍රව්‍ය එකතුවීම හේතුවෙන් පහළ නිම්නයේ ජීවත්වන ජනතාවට බෝවන රෝග සහ සෞඛ්‍ය බලපෑම් ඇතිවීමේ දැඩි තර්ජනයක් පවතී.
















