සම්ප්‍රදායික පිළිකා රසායනික ප්‍රතිකාර (Chemotherapy) මඟින් සිරුරේ නීරෝගී සෛලවලට සිදුවන හානිය සහ අතුරු ආබාධ අවම කරමින්, පිළිකා සෛල තුළ පමණක් සක්‍රිය වන **’RK-251’** නමැති නව ස්මාර්ට් පිළිකා ඖෂධය නිපදවීමට ඉන්දියානු විද්‍යාඥයන් සමත්ව සිටී.
ඉන්දීය රජයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින විද්‍යා හා තාක්ෂණ උසස් අධ්‍යයන ආයතනයේ (IASST) වෛද්‍ය අසීස් බාලා (Dr. Asis Bala) සහ ගුවහාටි ඉන්දීය තාක්ෂණ ආයතනයේ (IIT-Guwahati) වෛද්‍ය කේ.පී. භාබක් (Dr. K.P. Bhabak) එක්ව මෙම පර්යේෂණය සිදුකර ඇත. සිරුර පුරා ගමන් කිරීමේදී අක්‍රියව පවතින මෙම ඖෂධය, පිළිකා සෛල තුළ පවතින ඉහළ ශ්වසන සංයෝග (ROS) හමුවේදී පමණක් සක්‍රිය වී ‘NBDHEX’ නමැති ප්‍රබල පිළිකා නාශක සංයෝගය මුදාහරිනු ලබයි. පූර්ව සායනික පරීක්ෂණවලදී පියයුරු පිළිකා සෛල (Triple-Negative Breast Cancer) විනාශ කිරීමට මෙය ඉහළ සක්‍රියතාවක් පෙන්නුම් කර තිබේ.
















