ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම සිවිල් අයිතිවාසිකම් සංවිධානය වන NAACP, එලොන් මස්ක්ට අයත් xAI සමාගමට එරෙහිව නඩු පවරා තිබේ. මිසිසිපි ප්‍රාන්තයේ පිහිටි ‘Colossus 2’ දත්ත මධ්‍යස්ථානය (Data Center) සඳහා අවශ්‍ය බලශක්තිය ලබා ගැනීමට නීතිවිරෝධී ලෙස ගෑස් ටර්බයින් (Gas turbines) 27ක් ක්‍රියාත්මක කළ බවට ඔවුන් චෝදනා කරයි.
Grok chatbot සඳහා බලය සපයන මෙම දැවැන්ත දත්ත මධ්‍යස්ථානය, අවශ්‍ය වායු විමෝචන බලපත්‍ර ලබා ගැනීමට පෙර ක්‍රියාත්මක කිරීම හරහා ෆෙඩරල් පිරිසිදු වායු පනත (Clean Air Act) උල්ලංඝනය කර ඇති බව නඩුවේ සඳහන් වේ. මෙම ක්‍රියාව මඟින් ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල වන බව NAACP සංවිධානය පෙන්වා දෙයි. Earthjustice සහ දකුණු පාරිසරික නීති මධ්‍යස්ථානය (Southern Environmental Law Center) විසින් NAACP වෙනුවෙන් මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන ඇත. තාක්ෂණික දියුණුව හමුවේ පාරිසරික නීති නොසලකා හැරීම සම්බන්ධයෙන් xAI සහ එහි අනුබද්ධිත MZX Tech සමාගම මෙලෙස දැඩි විවේචනයට ලක්ව තිබේ.














