27 April 2024
#දේශීය

නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනාවල පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යැවීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාශය නිර්දේශ කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට දැනුම් දී ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කල බවට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර මීට අදාල මූලික විමර්ශන වාර්තාවක් එම දෙපාර්තමේන්තුව විසින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව සඳහන් වෙයි.

අදාළ වාර්තාව පදනම් කර ගනිමින් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යැවීමට නිර්දේශ කර ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *