27 April 2024
#ව්‍යාපාර

OPPO F9 Lucky Draw අබාන්ස් එක්ක පාරිභෝගිකයින්ට තෑගිි දෙයි 

OPPO F9 දුරකථන අබාන්ස් වෙතින් මිලදීගන්නා පාරිභෝගිකයන්ට වටිනා ත්‍යාග පිරිනැමීමේ අරමුණින්, OPPO සහ Abans එක්වී ක‍්‍රියාත්මක කරන .’OPPO F9 Lucky Draw’ වැඩසටහන පසුගියදා නිල වශයෙන් ආරම්භ කර ඇත. 

OPPO F9  යනු ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරාම පාරිභෝගිකයන්ගේ හදවත් දිනාගත් දුරකථනයක්. අබාන්ස් වෙතින් එම දුරකථන මිලදීගන්නා පාරිභෝගිකයන්ට වටිනා ත්‍යාග පිරිනැමීම සඳහා මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටු වනවා.” OPPO Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී (Bob Li) මහතා පැවසී ය. 

OPPO F9 Lucky Draw මගින්, 2018 සැප්තැම්බර් මාසය තුළ OPPO F9 දුරකථන මිලදීගන්නා පාරිභෝගිකයන්ට අඟල් 43 LED රූපවාහිනියක් සහ එයාර් ෆ‍්‍රයර් 5 ක් ඇතුළු තවත් ත්‍යාග රාශියක් දිනාගැනීමේ අවස්ථාව හිමි වේ. දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට කළ යුතු වන්නේ දිවයින පුරා පිහිටි අබාන්ස් ප‍්‍රදර්ශනාගාර අතරින් තමන්ට කැමති ප‍්‍රදර්ශනාගාරයකදී OPPO F9 දුරකථනයක් මිලදීගැනීම පමණි. 

මේ වනවිට තරුණ පරපුරට බෙහෙවින් සමීප නාමයක් බවට පත්වී තිබෙනOPPO සමග අත්වැල් බැඳගෙන OPPO F9 Lucky Draw ක‍්‍රියාත්මක කිරීමට හැකිවේ. අබාන්ස් කවදත් පාරිභෝගිකයන්ට පහසු ගෙවීමේ ක‍්‍රම හඳුන්වා දීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන සමාගමක්. එහි තවත් පියවරක් ලෙස, OPPO F9 දුරකථන මිලදීගන්නා අතරම වටිනා ත්‍යාගද හිමිකරගැනීමට අප පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.” අබාන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාර ෆි‍්‍රට්ස් ප‍්‍රනාන්දු මහතා පැවසී ය.

OPPO F9  සඳහා හඳුන්වා දී ඇති VOOC Flash Charge තාක්ෂණයේදී අඩු වෝල්ටීයතාවක් මගින් ආරෝපණය වීමේ ක‍්‍රමයක් භාවිතා වන අතර 5V/1Aමට්ටමකදී සාමාන්‍ය ආරෝපණයකට වඩා 4 ගුණයක් වේගයෙන් බැටරිය ආරෝපණය වේ. මෙමගින් විනාඩි 5 ක ආරෝපණයක් තුළින් පැය 2 ක කථා කාලයක් ලබාගත හැක. මීට අමතරව මෙම නව ක‍්‍රමය මගින් ඇඩැප්ටරයේ සිට දුරකථනයේ අභ්‍යන්තරය දක්වා තල 5 කදී ආරක්ෂාව සැලසේ. 

තරුණ පරපුරේ රසිකත්වයට ගැළපෙන ආකාරයට OPPO F9 දුරකථන සඳහාGradient වර්ණ හඳුන්වා දී ඇති අතර මේ වනවිට Sunrise Red සහ Twilight Blue යන Gradient වර්ණ OPPO දුරකථන සඳහා භාවිතා වේ. OPPO භාවිතා කරන Gradient Spraying Technology සහ Frame Gradient tech නිසා මෙහි අලංකාරය තවත් වැඩිවී ඇත.

6.3″ ‘Waterdrop Screen’ නිමාව, ඉහළ ි screen to body ratio අනුපාතය (90.8%), සුවිශේෂී Gradient වර්ණ සහ 3500 mAh බැටරිය වැනි අංග රැුසක් සමගින් පැමිණෙන OPPO F9 සුපුරුදු ලෙසම Selfie විශිෂ්ටත්වය මෙන්ම අධිවේගයෙන් ආරෝපණය වන, දිගු කල් පවතින බැටරියක් සමගින් ලබාගත හැක. එමෙන්ම එය කෘත‍්‍රිම බුද්ධි තාක්ෂණය සහිත  SoC පදනමක් වන MediaTek Helio P60 මගින් බලගැන්වෙන අතර ඒ ඔස්සේ ඉහළම තලයේ විශේෂාංග රැසක් ආකර්ෂණීය මිලකට පාරිභෝගිකයන් වෙත හිමිවී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *