ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරයට (RC79) සහභාගී වී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ විදේශ කටයුතු සහ සහයෝගිතා අමාත්‍ය බෙන්ඩිටෝ දොස් සන්තොස් ෆ්‍රෙයිටාස් මහතා සමඟ අද (08) දින ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙන්ම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව ද මෙම රාජ්‍යතාන්ත්‍රික හමුවේදී සාකච්ඡා කර ඇත.
















