මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් එළඹෙන සැප්තැම්බර් 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඊයේ (සැප්තැම්බර් 07) මඩකලපුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (සැප්තැම්බර් 08) දිනය දක්වා ප්‍රථමයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. අද දින නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් උන්වහන්සේව මෙලෙස ලබන 11 වනදා දක්වා නැවත රිමාන්ඩ් කිරීමට නියෝග කරන ලදී.
















