නල්ලතන්නියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක එන්ජින් කොටස අද (04) පෙරවරුවේ හදිසියේ ගිනිගෙන තිබේ.
මෙම අනතුර අද පෙරවරු 10:15 ට පමණ හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය වත්ත ප්‍රදේශයේදී සිදුව ඇත.ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ සිදුවූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් එන්ජින් කොටසින් ගින්න හටගෙන තිබේ. රියදුරා සහ එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කළ අනෙකුත් වාහන හිමියන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට සමත්ව ඇත.ගින්නෙන් ත්‍රීරෝද රථයේ එන්ජින් කොටසට දැඩි අලාභහානි සිදුව ඇති නමුත් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත. ගින්න හටගන්නා අවස්ථාවේදී රථය තුළ සිට ඇත්තේ රියදුරා සහ තවත් එක් මගියෙකු පමණක් බව හැටන් පොලිසිය සඳහන් කරයි.














