විපක්ෂයේ බොහෝ දේශපාලනඥයන් මේ වන විට අධිකරණයෙන් ඇප ලබා සිටින බවත්, ඉදිරියේදී තවත් පිරිසක් බන්ධනාගාරගත වීමට නියමිත බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. එවැනි තත්ත්වයක් තුළ, හිරේ යාමට පෙර ඔවුන් සියදිවි නසාගැනීමේ සිදුවීම් තවදුරටත් වාර්තා විය හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා අද (19) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම පිළිබඳව නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. දැනටමත් පිරිසක් බන්ධනාගාරගතව සිටින බවත්, තවත් විශාල පිරිසක් ඉදිරියේදී බන්ධනාගාරගත වීම සඳහා පෝලිමේ සිටින බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එමෙන්ම, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතරින් නඩු නොමැති අයෙකු සිටී නම් ඔහු නම් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අභියෝග කර සිටියේය. මෙවැනි වාතාවරණයක් තුළ ඉදිරියේදී තවත් සියදිවි නසාගැනීමේ සිදුවීම් වාර්තා වීමේ දැඩි අවදානමක් පවතින බව ඔහු අවධාරණය කළේය.
















