පිටකොටුවේ රෙදි පිළි ව්‍යාපාරිකයින් හය දෙනෙකු රවටා රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත හොරණ එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත්‍රීනි රේනුකා දමයන්ති වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකාරිය අදාළ ව්‍යාපාරිකයින්ට අගරු චෙක්පත් ලබා දෙමින් මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සිදුකර ඇති අතර, ඇය දීර්ඝ කාලයක් තිස්සේ ව්‍යාපාරිකයින් මගහරිමින් සිට ඇත. ඊයේ (18) දිනයේ ඇය සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ සිටින බවට ලද තොරතුරකට අනුව, ව්‍යාපාරිකයින් එහි ගොස් ඇයව හමුවීමට උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. මිරිහාන පොලීසිය විසින් සියලු පාර්ශව අත්අඩංගුවට ගෙන පසුව සිදුකළ විමර්ශනවලදී මන්ත්‍රීවරියට එරෙහිව පැමිණිලි ගොනු කර ඇත.අනතුරුව සැකකාරිය වත්තල පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ. අද (19) දිනයේ ඇය වත්තල වැඩබලන මහේස්ත්‍රාත් මෙරිල් බොතේජු මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 21 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.














