අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමට වර්තමාන ආණ්ඩුව උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. ඊයේ (29) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, ආණ්ඩුව විවිධ අර්බුද හමුවේ කටයුතු කරන ආකාරය උපහාසයට ලක් කරමින් “මේ ආණ්ඩුව හොරාගෙ අම්මගෙන් පේන අහනවා” යනුවෙන් අදහස් පළ කළේය. රටේ නීතිය සහ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව සතු වුවද, ඔවුන් එය උල්ලංඝනය කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















